SLCS
ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්.

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්.

තම මංගල විස්සයි 20 තරගයට සහභාගි වු දුනිත් වෙල්ලාලගේ (3/9) සහ සෙසු දග පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ තරග 3 කින් සමන්විත විස්සයි 20 තරගාවලියේ අද (15) පැවති දෙවන තරගය ජයග්‍රහණය කරමින් තරගාවලිය 1-1 ලෙසට සමකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පැවති දෙවන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වු අතර එහිදී පන්දුවට පහරදීමට තීරණය කළ අතර කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවිය. චමිදු වික්‍රමසිංහ සහ අසිත ප්‍රනාන්දු වෙනුවට විස්සයි 20 වරම් හිමිකර ගත් දුනිත් වෙල්ලාලාල සහ වේගපන්දු ක්‍රීඩක නුවන් තුෂාර කණ්ඩායමට ඇතුළත් විය.

ආරම්භක කඩුල්ලට පැතුම් නිස්සංක (59) සහ කුසල් මෙන්ඩිස් (26) ගොඩනගා ගත් ලකුණු 77 ක සබඳතාවය සමගින් සත්කාරක කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තේය.

දග පන්දු යවන්නන්ට වඩාත් වාසි දායක මෙම තණ තීරුවෙහි පිතිකරණයෙහි යෙදීමට කොදෙව් ක්‍රීඩකයන්ට දැඩි අභියෝගයක් විය.ඒ් අනුව පන්දුවාර 16.1 කොදෙව්  සියලුම ක්‍රීඩකයන් ලකුණු 89 කට දැවීයන විට දුනිත් වෙල්ලාලගේ කඩුලු 3 ක්ද චරිත් අසලංක, වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් දවා ගත්හ.

තීරණාත්මක තෙවන විස්සයි 20 තරගය ලබන (17) බ්‍රහස්පතින්දා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගයේ වීරයා පැතුම් නිස්සංක.

ශ්‍රී ලංකා පිල 162/5 ප.වා 20 යි-පැතුම් නිස්සංක 59 කුසල් මෙන්ඩිස් 26 කුසල් පෙරේරා 24 රොමාරියෝ ෂෙපර්ඩ් 2/23 අල්සාරි ජෝසප් 1/33

බටහිර ඉන්දීය කොදෙව් පිල සියලුම දෙනා දැවී 89/10 ප.වා 16.1 යි.-රොව්මන් පවෙල් 20 දුනිත් වෙල්ලාලගේ 3/9 චරිත් අසලංක 2/6 වනිඳු හසරංග 2/32 මහේෂ් තීක්ෂණ 2/7